නමට ඒකීය රාජ්‍යයෙන් වැඩක් නෑ - වෙබ් අඩවිවලටත් තර්ජන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා තමන් විසින් ලබාදී ඇති යෝජනා 14 සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි. ...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා තමන් විසින් ලබාදී ඇති යෝජනා 14 සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ ගැන අදහස් දැක්වූ පා.ම දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ මේ ගැන අගමැතිවරයා, හිටපු ජනාධිපතිවරයා හා විපක්ෂනායකවරයා පවා හමුවී දැනුම්වත් කළ බවයි.

ඒකීය රාජ්‍ය සංකල්පය නමට පමණක් සීමාවී තිබීම ඵලක් නැති බවත්, ඒ අනූව ව්‍යවස්ථා සංශෝධනය සඳහා ලබාදුන් යෝජනා 14ගැන පැහැදිලි ප්‍රතිචාරයක් ආණ්ඩුවෙන් නොලැබේ නම් එම සංශෝධනයට ඒකාබද්ධ විපක්ෂය සහය නොදෙන බව හෙතෙම කීවේය.

මාධ්‍ය හමුව ඇමතු ජී.එල් පීරිස් ද අදාළ යෝජනා 14ට ආණ්ඩුවේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව පැවසීය.

එසේම 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට දින 100 ආණ්ඩුව තුළ දැරූ උත්සාහය 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට නොතිබීම නිසා ව්‍යවස්ථා සංශෝධනයෙන් විදේශීය අවශ්‍යතාවයක් ඉටුකරන්නේදැයි සැකයක් ඇති වන බව ඔහු කීවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2234935049789210230

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item