වගා කන්නය ආරම්භ කළත් පොහොර සහනාධාරය නෑ

මෙවර වගා කන්නය ආරම්භ කර මාස එකහමාරකට අධික කාලයක් ගත වී තිබුණද, මෙතෙක් ගොවීන්ට පොහොර සහනාධාර මුදල් ලබාදී නැතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය...

මෙවර වගා කන්නය ආරම්භ කර මාස එකහමාරකට අධික කාලයක් ගත වී තිබුණද, මෙතෙක් ගොවීන්ට පොහොර සහනාධාර මුදල් ලබාදී නැතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.

ජලය නිකුත් කර තිබෙන ප්‍රමාණයට අනුව මාස් කන්නයේ වගා කරන වගා භූමි ප්‍රමාණයෙන් 60% ක් මේවනවිට වගාකර තිබෙන බවද එම සංගමයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කළේය.

වැපිරීමට පෙර මඩ පොහොර යෙදිය යුතු බවත්, මේ නිසා පොහොර සහනාධාරය ලබාදීමේදී වගා කන්නය ආරම්භ කිරීමත් සමග පොහොර යෙදීම සිදුකළ යුතු බවත් ඔහු පවසා සිටියේය.

එහෙත් වර්තමාන ආණ්ඩුවසහනාධාර මුදල් ලබාදීමට තීරණයට කර ඇති අතර, මෙවර කන්නය ඇරඹී මාස එකහමාරක් ගත වී ඇතත්, එම සහනාධාර මුදල් මෙතෙක් ලබාදී නොමැති බවද හෙතෙම සඳහන් කළේය.

වගා ක්‍රම‘වේදයට අනුව වපුරා දින 14කින්, දින 28කින් හා දින 45කින් පොහොර යෙදිය යුතු බවත්, එහෙත් සමහර වගාවන්වලට දින 45 ක් ගතවී ඇතත් මෙතෙක් සහනාධාර මුදල් බැංකුගත කර නොමැති බවද හෙතෙම කියා සිටියේය.

වෙළෙඳ පොළට ලබාදී තිබූ පොහොර සහනාධාරය ඉවත් කිරීම නිසා වෙළෙඳපොළ තුළ පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක් අලෙව් වන්නේ රුපියල් 3000 ඉක්ම වූ මුදලකට බවත්,මේ නිසා දුප්පත්කමින් මිරිකී සිටින ගොවීන්ට එවැනි මිලකට පොහොර ලබාගැනීමට හැකියාවක් නොමැති අතර, පොහොර යෙදීමට කටයුතු නොකළහොත් අස්වැන්නට එය ඍජුවම බලපාන බවත් නාමල් කරුණාරත්න සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1518362602192304329

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item