යාපනයේ රිය අනතුරට හේතුව හෙළිවෙයි

පුද්ගලයින් දස දෙනෙකුට මරු කැඳවමින් යාපනය චාවකච්චේරි මීසාලෙයි ප‍්‍රදේශයේ අද (17) පස්වරුවේ සිදු වූ රිය අනතුරට හේතුව අධික වේගය සහ වෑන් රථයේ රිය...

පුද්ගලයින් දස දෙනෙකුට මරු කැඳවමින් යාපනය චාවකච්චේරි මීසාලෙයි ප‍්‍රදේශයේ අද (17) පස්වරුවේ සිදු වූ රිය අනතුරට හේතුව අධික වේගය සහ වෑන් රථයේ රියදුරුට නින්දයාම බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.

ලංගම බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් පිරිමි පුද්ගලයින් හත් දෙනෙකු ඇතුළු දස දෙනෙකු මිය ගියා.

තවත් පුද්ගලයින් 21 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර ප‍්‍රතිකාර සඳහා ඔවුන් ඇතුළත් කෙරුණේ යාපනය මහ රෝහලටයි.

මියගිය සියලු දෙනා වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් බව අනාවරණ වුණා. ඔවුන් හොරණ මිල්ලණිය ප‍්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා යාපනය බලා යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

තුවාල ලැබූවන් අතර වෑන් රථයේ ගමන් කළ තවත් දෙදෙනෙකු ද සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
jaffna-accident-www-nethnews-lk001 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3963225583612017575

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item