වරාය විකිණීමට ජනපති විරුද්ද වේ. රනිල්ට-මලික්ට තනි තීරණ ගන්න දෙන්න බෑ

හම්බන්තොට වරාට චීනයට විකුණා දැමීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කිසිසේත්ම එකග නැති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති ...

හම්බන්තොට වරාට චීනයට විකුණා දැමීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කිසිසේත්ම එකග නැති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහනේදී ඔහු මෙසේ කියා සිටියේය.

තමන් මෙන්ම වරාය ඇමති අර්ජුන රණතුංගද දැඩි විරෝධය පල කර තිබියදී මෙම තීරණය ගෙන ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති මලික් සමරවික‍්‍රම විසින් බවද ඔහු එහිදී පැවසීය.

ඉදිරි දින කිහිපයේදී මේ සම්බන්ධයෙන් සාධාරණ තීන්දුවක් ගනු ඇති බවද ඔහු වැඩි දුරටත් එහිදී සදහන් කලේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 773927778753861126

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item