ඩෙංගු මාරයා පාසල් තුළ හිස ඔසවයි
දැනට සිදු කර ඇති සමීක්ෂණවලට අනුව ඉදිරියේදී පාසල් දරුවන්ට ඩෙංගු රෝගය වැළඳීමේ දැඩි අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ හෙළි කරයි. සෞඛ්‍ය අම...
https://www.sathhanda.com/2016/12/blog-post_792.html
දැනට සිදු කර ඇති සමීක්ෂණවලට අනුව ඉදිරියේදී පාසල් දරුවන්ට ඩෙංගු රෝගය වැළඳීමේ දැඩි අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ හෙළි කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළේ, පසුගියදා කරන ලද පරික්ෂා කිරීම්වලදී පාසල් තුළින් 15% ත් 20% ත් අතර ප්‍රමාණයක මදුරු කීටයින් සොයා ගැනීමට හැකිවූ බව ය.
මීළඟ පාසල් වාරය ආරම්භ කිරීමට පෙර පාසල් පරිශ්‍ර පවිත්‍ර නොකළහොත් සිසුන් ඩෙංගු මදුරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ අවදානම ඉහළ යනු ඇති බව පබා පලිහවඩන මහත්මිය පෙන්වා දෙයි.
Related