මෙරට වගා කළ හැකි අත්‍යවශ්‍ය භෝග පිටරටින් ආනයනය කිරීම පසුපස ඇත්තේ කුමක් ද? (VIDEO)

මෙරට වගා කළ හැකි අත්‍යවශ්‍ය භෝග පිටරටින් ආනයනය කිරීම නිසා තමන් දැඩි දුෂ්කරතාවට පත් වන බව ගොවීහු පවසති. නමුත් රජය පෙන්වා දෙන්නේ, වැඩි ...

මෙරට වගා කළ හැකි අත්‍යවශ්‍ය භෝග පිටරටින් ආනයනය කිරීම නිසා තමන් දැඩි දුෂ්කරතාවට පත් වන බව ගොවීහු පවසති.

නමුත් රජය පෙන්වා දෙන්නේ, වැඩි වන පාරිභෝගික ඉල්ලුමට සාපේක්ෂව සැපයුම නොලැබීමට විවිධ හේතු බලපා ඇති බව ය.

වියළි මිරිස්, අර්තාපල්, ලොකු ළූණු, මුං ඇට හා බඩ ඉරිඟු යන අත්‍යවශ්‍ය භෝග වර්ග කිහිපයක නිෂ්පාදනය පසුගිය වසර 2කට සාපේක්ෂව මේ වසරේ 25%කින් පමණ අඩු වී තිබේ.

ඉල්ලුමට සරිලන සැපයුමක් දේශීය ගොවිතැනින් නොලැබෙන හෙයින් විශාල විදේශ විනිමයක් වැය කොට භෝග වර්ග ආනයනය කිරීමට රජයට සිදු වේ.

මෙම භෝග වර්ග 6 පමණක් ආනයනය සඳහා රජය දරණ මුළු වියදම දළ වශයෙන් රුපියල් මිලියන 7246 ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

වාර්ෂික අර්තාපල් අවශ්‍යතාවයෙන් 50%ක් ද, ලොකු ළූණු හා රතු ළූණු 60%ක ප්‍රතිශතයක් මෙන් ම වියළි මිරිස් 90%ක ප්‍රතිශතයක් ද, මුං ඇට හා බඩ ඉරිඟු 10% ක ප්‍රතිශතයක් ද වශයෙන් ආනයනය කෙරේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3071551441049684425

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item