ආණ්ඩුව බැට් මෑන් කෙනෙක් හදන්න යනවා - මහානාම

සංවර්ධන විශේෂ විධිවිධාන පනත වසර 3කට පමණක් ගෙනඒමෙන් ආණ්ඩුවට බලය ඇත්තේ තව වසර තුනකට පමණක් බව ඔවුන් පිළිගෙන ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍ය...

සංවර්ධන විශේෂ විධිවිධාන පනත වසර 3කට පමණක් ගෙනඒමෙන් ආණ්ඩුවට බලය ඇත්තේ තව වසර තුනකට පමණක් බව ඔවුන් පිළිගෙන ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාම කියයි.

ඔහු සතිඅන්ත පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ අදහස් දක්වා තිබේ.

අදාළ පනත පෙබරවාරියේ සම්මත කළත්, එම ආයතනය පිහිටවීමට තවත් මාස හයක් පමණ යන බවද ඔහු කියා සිටී.

පනතින් කවුන්සිලයක් පිහිටුවන බවත්, ඔවුන්ට සිවිල් හෝ අපරාධ නඩුවක් පැවරිය නොහැකි බවත්, මුක්තියක් ඇති බවත්, ඔවුන් ගන්නා තීන්දු කිසිදු අධිකරණයක අභියෝගයට ලක්කළ නොහැකි බවත් මහානාම සඳහන් කර ඇත.

මින් සුපිරි ඇමති කෙනෙකු බිහිවන බවද පවසන මහානාම මහතා ආණ්ඩුව බැට් මෑන් කෙනෙක් නිර්මාණය කිරීමට සැරසෙන බවටද චෝදනා කර සිටී.

වර්තමාන රජය බලයට ගෙනඑනු ලැබුවේ ස්වාමීන්වහන්සේලා, වෘත්තීය සමිති, සිවිල් සමාජය, මාධ්‍ය හා සාමාජ ජාල බවත්, තමන් බලයට ගෙනා එම කණ්ඩායම් අමතකරමින් රජය කටයුතු කරන බවට කලින් රජය මෙන්ම හිතවතුන්, ඥාතීන් හා මිත්‍රයින් එක්කරගනිමින් යහ පාලනයට පයින් ගසා ඇතැයිද ඔහු කියා සිටී.

යහපාලනයට අවශ්‍ය, ඉඩම් හා ජාතික සම්පත් විකුණන, ඥාතීන්ට සලකන, පාසල් මිතුරන්ට තනතුරු දෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම නොවන බවද මහානාම මහතා සඳහන් කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8390137334238071430

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item