කොළඹ විරෝධතා පැවැත්වූ 37ක් මහ රෑ අත්අඩංගුවට

කොල්ලුපිටිය ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි විදුලිබල අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි මෑන්පවර් සේවකයෝ 37දෙනෙකු පොලිසිය විසි...

කොල්ලුපිටිය ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි විදුලිබල අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි මෑන්පවර් සේවකයෝ 37දෙනෙකු පොලිසිය විසින් ඊයේ (24) මධ්‍යම රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

විදුලිබල අමාත්‍යංශයට තාවකාලික පදනම මත බඳවාගෙන ඇති තම රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලමින් දින ගණනාවක සිට ඔවුහු උපවාසයක නිරත වූහ. 

එම ස්ථානයෙන් ඉවත් වන ලෙස කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ගෙන තිබුණු අතර සැකකරුවන් එය නොතකා දිගටම විරෝධතා පැවැත්වූ බව පොලිසිය පවසයි.

බොරැල්ල, කොල්ලුපිටිය, කිරුළපන, වැල්ලවත්ත, නාරාහේන්පිට, කුරුඳුවත්ත සහ බම්බලපිටිය පොලිස් ස්ථානවල නිලධාරීහු පිරිසක් ද ඊයේ රාත්‍රී විශේෂ මෙහෙයුමට එක්වූහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7068378511431536296

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item