39ක් වෙඩි තබා ඝාතනය කළ ඉස්තාන්බුල් සමාජ ශාලා ත්‍රස්ත ප්‍රහාරයේ CCTV දර්ශන (VIDEO)

2017 නව අවුරුද්ද උදා වී හෝරාවක් යන්නට මත්තෙන් තුර්කියේ, ඉස්තාන්බුල් නුවර සමාජ ශාලාවකට කඩා වැදුණු ත්‍රස්වාදියෙක් එහි සිටි පිරිසට වෙඩි තබා ...



2017 නව අවුරුද්ද උදා වී හෝරාවක් යන්නට මත්තෙන් තුර්කියේ, ඉස්තාන්බුල් නුවර සමාජ ශාලාවකට කඩා වැදුණු ත්‍රස්වාදියෙක් එහි සිටි පිරිසට වෙඩි තබා ඝාතනය කරන අයුරු දැක්වෙන CCTV දර්ශන නිකුත් වී තිබේ.

වෙඩි තැබීමෙන් පසු ප්‍රහාරකයා ගිනි අවිය දමා එම ස්ථානයෙන් පළා ගොස් තිබිණ.

විදේශිකයින් ඇතුළු පුද්ගලයින් 39 දෙනෙකුට මරු කැඳවා තවත් 70 දෙනෙක් පමණ තුවාලකරුවන් බවට පත් කළ මෙම ප්‍රහාරයේ ත්‍රස්ත ප්‍රහාරකා සොයා එරට පොලීසිය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඊයේ අලුයම 1.30ට පමණ සැන්ටා ඇඳුම් ආයිත්තම්වලින් සැරසී පැමිණි ප්‍රහාරකයා ප්‍රථමයෙන් එහි සිටි පෙලිස් නිලධාරියෙකු සහ ආරක්ෂයා වෙඩි තබා ඝාතනය කර පසුව සමාජ ශාලාව තුළට කඩා වැදිණ.

මේ අතර ප්‍රහාරයකයා එවැනි ඇඳුමකින් සැරසී සිටින ආකාරයක් දර්ශනවල ද දැක ගත නොහැක.



තුර්කි බලධාරීන් පවසන්නේ, මිය ගිය විදේශිකයින් 15 දෙනො අතර ඊශ්‍රායල්, ප්‍රංශ, ටියුනීසියා, ලෙබනන්, ඉන්දීය බෙල්ජියම් ජෝර්දාන් සහ සෞදි ආරාබි ජාතිකයින් ද වන බව ය.

තුර්කියේ පිහිටි ප්‍රධාන පෙළේ සමාජ ශාලාවක් වන මෙම ස්ථානයේ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ පුද්ගලයින් 700 දෙනෙකු පමණ සිට ඇත.

කුර්දි කැරළිකරුවන් තම සංවිධානය ප්‍රහාරය එල්ල නොකළ බව පැවසීමත් සමග ප්‍රහාරයේ වගකිව යුත්තන් බවට තුර්කි බලධාරීන්ගේ ඇඟිලි දිගුවන්නේ, IS ත්‍රස්තයින් දෙසටයි.

කෙසේ වෙතත් IS සටන්කාමීන් මේ වන තෙක් ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.

තුර්කිය පසුගිය වසරේ බරපතළ ගනයේ ත්‍රස්ත ප්‍රහාර රැසකට ගොදුරු වූ අතර එම ප්‍රහාර බොහොමයක් සිදු කරනු ලැබුවේ IS සටන්කාමීන් සහ කුර්දි කැරලිකරුවන් විසිනි.

පසුගිය සමයේ තුර්කියට එල්ල වූ ප්‍රහාර දෙස විමර්ශනශීලිව බැලීමේදී පැහැදිලි වන්නේ කුර්දි කැරලිකරුවන් බොහෝ අවස්ථාවලදී තුර්කියේ ආරක්ෂ අංශ ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ත් ඔවුන් සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර නොමැති බවත් ය.

මීට දෙසතියකට ඉහතදී එරට පොලිස් නිලධාරියෙකු විසින් තුර්කියේ රුසියානු තානාපතිවරයා වෙඩි තබා ඝාතනය කරනු ලැබූ අතර වෙඩි තැබීමෙන් පසු ඔහු පැවසුවේ, සිරියාවේ ඇලැප්පෝ නගරයේ ප්‍රහාර සඳහා රුසියාවේ සහය දැක්වීමට පළි ගැනීමක් ලෙස තනාපතිවරයහා වෙඩි තබා ඝාතනය කළ බව ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 1736424540963945208

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item