චීන ගිවිසුම් අධික්ෂණයට ජනපතිගේ නියෝජිතයෙක්!

හම්බන්තොට වරාය පිළිබඳව ශ්‍රී ලංකා රජය හා චීනයේ චයිනා මර්කන්ටයිල් පෝර්ට් හොල්ඩින්ග්ස් සමාගම අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම නිර්මාණය කරන ...

හම්බන්තොට වරාය පිළිබඳව ශ්‍රී ලංකා රජය හා චීනයේ චයිනා මර්කන්ටයිල් පෝර්ට් හොල්ඩින්ග්ස් සමාගම අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම නිර්මාණය කරන කමිටුවට ජනපතිවරයාගේ සෘජු නියෝතයෙකු නම් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ සාමාජිකයෙකු මෙන්ම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආර්ථික උපදේශකයෙකු වෙන ආචාර්ය සරත් රාජපතිරණ මහතා මෙසේ එම කමිටුවට පත්කර තිබේ.

කමිටුව ගන්නා තීන්දු තීරණ පිළිබඳව ඉතාමත් ඉක්මනින්ම ජනපතිවරයාට තොරතුරු ලබාගැනීම මෙම පත්කිරීමේ අරමුණ වෙයි.

වරාය චීනයට බදු දීමට අදාළ ගිවිසුම එළැඹෙන 07දා අත්සන් කිරිමට නියමිත වුවත් එම ගිවිසුම පිළිබඳව තවමත් අවසන් තීන්දුවක්ද ගෙන නොමැත.

මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා චීනයේ ශ්‍රී ලංකා තානාපති යී ෂියෑන්ලින් මහතා අතර හමුවක්ද පසුගියදා පැවැතියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4334807674877978350

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item