රගර් බෑ කී සිසුවාවට යකඩ බාරයක එල්ලා පොලුවලින් පහරදීලා
දෙමටගොඩ ප්‍රදේශයේ විදුහලක 10 වසරේ සිසුවෙකු රගර් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුට පහරදී ඇතැයි පොලීසිය කියයි. එම විදුහලේ ක්‍රීඩා...

https://www.sathhanda.com/2017/01/blog-post_157.html
පහර කෑ සිසුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ඔහු බැඩ්මින්ටන් ක්‍රීඩා කරමින් සිටින විට විදුහලේ රගර් පුහුණු ගුරුවරයා ඔහුට රගර් ක්‍රීඩා කරන ලෙස බලපෑම් කර තිබේ. කෙසේ වෙතත් සිසුවා එය ප්‍රතික්ෂේප කර ඇති හෙයින් ඔහුව බලෙන් පාසලේ රගර් කාමරයට ගෙනගොස් යකඩ බාරයක එල්ලා පොලුවලින් පහරදී වදහිංසා කර ඇතැයි පොලීසිය පවසයි. දෙමඩගොට පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කරන අතර සිද්ධියට සම්බන්ධ ක්‍රීඩා උපදේශකවරයා හා සිසුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
Related