විධායක බලය යොදමින් ට්‍රම්ප් TPP අවලංගු කරයි

ඇමෙරිකාව විසින් අත්සන් කර තිබූ ට්‍රන්ස්-පැසිෆික් වෙළෙඳ ගිවිසුම (TPP) අවලංගු කරමින්, තමා ජනාධිපතිවරණ ව්‍යාපාරය සමයේ පැවසූ ප්‍රබල පොරොන්ද...

ඇමෙරිකාව විසින් අත්සන් කර තිබූ ට්‍රන්ස්-පැසිෆික් වෙළෙඳ ගිවිසුම (TPP) අවලංගු කරමින්, තමා ජනාධිපතිවරණ ව්‍යාපාරය සමයේ පැවසූ ප්‍රබල පොරොන්දුවක් ඉටුකිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාකර ඇත.

තම විධායක බලය පාවිච්චි කරමින් ට්‍රම්ප් එක් පෑන් පහරකින් මෙම ගිවිසුම අවලංගු කර ඇති අතර, ඔහු මැතිවරණ ව්‍යාපාරය සමයේදී ද පවසා සිටියේ තමා බලයට පත් පළමු දිනයේදීම මෙය අවලංගු කිරීමට ක්‍රියාකරන බවය.

හිටපු ජනපති බරැක් ඔබාමා විසින් රටවල් 12ක් සමග අත්සන් කර තිබූ මෙම වෙළෙඳ ගිවිසුම අවලංගු කිරීමෙන් පසුව අදහස් දැක්වූ ට්‍රම්ප් වසා සිටියේ මෙය ඇමෙරිකානු වැඩකරන ජනතාව වෙනුවෙන් ගනුලැබූ වඩාත් ප්‍රශස්ත තීරණයක් බවයි.

එමෙන්ම, තවත් ජාත්‍යන්තර ආයතන රැසක් සඳහා වූ අරමුදල් සැපයීමද ඔහු කප්පාදු කර ඇති අතර, මෙම වෙළෙඳ ගිවිසුම් ඇමෙරිකාව කෙරෙහි බලපාන ප්‍රබල ව්‍යසනයක් බව ට්‍රම්ප් නිතර පැවසීය.

මෙම ට්‍රාන්ස් පැසිෆික් වෙළෙඳ ගිවිසුම ලෝකයේ වෙළෙඳාමෙන් 40% කට පමණ ආවරණය වන අතර, ඊට ඇමෙරිකාව, ජපානය, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව සහ මෙක්සිකෝව ආදී රටවල් අයත් වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 5100450401414159506

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item