විදුරගේ තීරණය හකුළා ගනී - වෙනසකට සූදානම්

මන්ත්‍රී ධූරය අත්හැරීමට ගෙන තිබූ තීරණය පාක්ෂිකයින්ගේ බලවත් ඉල්ලීම හේතුවෙන් හකුලාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක පවසයි. ත...

මන්ත්‍රී ධූරය අත්හැරීමට ගෙන තිබූ තීරණය පාක්ෂිකයින්ගේ බලවත් ඉල්ලීම හේතුවෙන් හකුලාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක පවසයි.

තමන් දේශපාලන තීන්දුවක් ගන්නා බවට විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා මීට දින කිහිපයකට පෙර ප‍්‍රකාශ කර තිබිණි.

ඒ පිළිබඳ තීරණයක් ගැනීමට මන්ත්‍රීවරයා විසින් ඊයේ (21) හොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලය කැඳවා තිබුණි. ‍

එහිදී ඔහු සඳහන් කළේ පවතින දේශපාලන ක්‍රමය පිළිබඳ තමන් කලකිරීමෙන් පසුවන බැවින් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට අදහස් කරන බවයි.

ඒ පිළිබඳ පාක්ෂිකයින්ගේ මතය විමසූ අවස්ථාවේ ඔවුන්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වී ඇත.

ඒ අනුව පාක්ෂිකයින්ගේ මතයට ගරු කරමින් සිය තීරණය වෙනස් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේය.

පවතින දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට බලපෑම් කළ හැකි බලවේගයක් ඉදිරියේදී නිර්මාණය කරන බවද විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6539705704769017294

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item