විවාහය කල්ගිය හේතුව චතුරිකා කියයි...

චතුරිකා කාලෙකට පස්‌සේ ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධවෙලා. ඒ විතරක්‌ නෙමෙයි ප්‍රසංග දෙකකට පවා සහභාගි වුණා. ඔය අතරේ චතුරිකා - ගයාන් එක්‌ක එකතුවෙල...

චතුරිකා කාලෙකට පස්‌සේ ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධවෙලා. ඒ විතරක්‌ නෙමෙයි ප්‍රසංග දෙකකට පවා සහභාගි වුණා. ඔය අතරේ චතුරිකා - ගයාන් එක්‌ක එකතුවෙලා ව්‍යාපාරයක්‌ පවා ආරම්භ කරලා. මේ දෙසැම්බරයේ ගයාන් - චතුරිකා එක වහලක්‌ යටට යන්න තමයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. අන්තිමේ කොහොමින් කොහොම හරි ඒ අදහස්‌ සියල්ල ආපහු ලබන වසරට කල්ගිහිං. ඒකට හේතුව මොකක්‌ද කියලා චතුරිකා අපිට කිව්වේ මෙන්න මේ විදිහට. 

කාලෙකට පස්‌සේ ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධවුණා කියලා ආරංචියි ?

පසුගිය නොවැම්බර් මාසයේ ටිකිරි රත්නායක මහත්මයාගේ සිහින මායාවි කියන ටෙලිනාට්‍යයක රූගත කිරීම්වලට දායකවුණා. ඊට පසුව හිරු සිහින රැයක්‌ ප්‍රසංගයේ සහ රිදී රැයක්‌ ප්‍රසංගයේ පටිගත කිරීම්වලට දායකවුණා.

දිග කාලයකට පසුව නේද ටෙලිනාට්‍යයක්‌ භාරගත්තේ ?

ඔව්. ඒකට හේතු කාරණා ගොඩක්‌ තියෙනවා. 

ඒ මොනවාද හේතු ?

සමහර දීර්ඝ ටෙලිනාට්‍යවලට ඒ කාලේ කතා කරද්දී මට භාරගන්න පුළුවන්කමක්‌ තිබුණේ නැහැ. මම නිෂ්පාදනය කරපු සහේළි ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අවසන් වුණේ පසුගිය මාර්තු මාසයේ. ඊට කලින් තමයි ගොඩක්‌ ඒවාට ආරාධනා ලැබුණේ. ඒවා භාරගන්න බැරිවුණා. 

ව්‍යාපාරයක්‌ ආරම්භ කළා කියලත් ආරංචියි ?

ඔව්. අපි ව්‍යාපාරයක්‌ ආරම්භ කළා. ඒකයි අපි ටෙලිනාට්‍ය වැඩිපුර භාරගත්තේ නැත්තේ. 

මොකක්‌ද ඒ ව්‍යාපාරය ?

විලාසිතා සම්බන්ධ ව්‍යාපාරයක්‌. ඉතාම සුළුවෙන් තමයි ආරම්භ කළේ.

කොහේද මේ ව්‍යාපාරය ආරම්භ කළේ ?

පිටකෝට්‌ටේ තමයි මේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ.

ව්‍යාපාරයේ නම මොකක්‌ද?

බොබී හවුස්‌.

බොබී හවුස්‌ කියලා නම දැම්මේ ඇයි ?

ඒ නම දැම්මේ නම් ගයාන් තමයි.

ගයාන් සමග ගෙවන ජීවිතය ?

හරිම සුන්දරයි. හරි සරලයි. හරිම සැහැල්ලුයි.

මේ දවස්‌වල ගයාන් - චතුරිකාගේ කැදැල්ලට අලුත් අමුත්තෙක්‌ ඇවිත් කියන්නේ ඇත්තද?

අමුත්තෝ දෙන්නම හිටියා. ඒ වුණාට අනෙක්‌ අමුත්තා ටික දවසකට කලින් හිටපු තැනටම ගියා. දැන් ඉතිං ලොකු පුතා තමයි අපිත් එක්‌ක ඉන්නේ. එයා අපිත් එක්‌ක ඉන්න ගොඩාක්‌ කැමැතියි. අපි තුන්දෙනා හරිම සැහැල්ලුවෙන් ඉන්නවා. ගයාන් නැතිවෙලාවට ලොකු පුතා මාව හොඳට බලාගන්නවා. එයා මගේ පස්‌සෙන්මයි. මට පාළුවක්‌ නැහැ.

ගයාන් වැඩිපුර නිර්මාණවලින් දකින්න නැහැ. චතුරිකා තහංචියක්‌ පනවලද?

එහෙම දෙයක්‌ නෙමෙයි. එයා අධ්‍යක්‍ෂණයට පිවිසුණාට පස්‌සේ කතා කරපු සමහර නිර්මාණවලට එයා බැහැ කිව්වා. එයාට නිරූපණය කරන්න තිබුණ චරිත පිළිබඳ ගැටලුවක්‌. මම දැනුවත්ව නිර්මාණ හතරකට පහකට බැහැ කිව්වා. චරිතය පිළිබඳ ප්‍රශ්නයක්‌. එයා කොහොමටත් චරිත තෝරා බේරාගෙන කරන කෙනෙක්‌. 

පදිංචියෙත් වෙනසක්‌ ඇතිවුණාලු නේද?

අපේ අලුත් කැදැල්ලේ වැඩකටයුතු තවම සිදුවෙමින් පවතිනවා. ගොඩක්‌ වෙලාවට මේ දෙසැම්බරයේ තමයි අපි කැදැල්ලට ගොඩවදින්න සැලසුම් කළේ. නමුත් ඒක හරි ගියේ නැහැ.

ඇයි ඒ ?

මගේ පියා අසනීප වුණා. නිවසේ වැඩකටයුතු භාරගත්තු බාසුන්නැහේගේ පවා ප්‍රශ්න වගයක්‌ තිබුණා. ඒකයි ප්‍රමාද වුණේ. ලබන වසරේ මුලදී හෝ මැදදී අලුත් නිවසට යන්න බලාපොරොත්තුවක්‌ තියෙනවා.

ගයාන් - චතුරිකා දෙසැම්බරයේ එක වහලක්‌ යටට යනවා කියලා කිව්වානේද?

ඇත්තටම එහෙම දිනයක්‌ කලින් යොදාගෙන තිබුණා. ඊට පසුව ආපහු රූගත කිරීම් සමග කාර්යබහුල වුණා. ඒ හින්දා එහි වැඩකටයුතු අතපසුවුණා. ඊට පසුව අපි දිනයක්‌ යොදාගෙන තිබුණත් ඒක ඉදිරි මාසයට කල්ගියා. 

ඇයි ඒ ?

මගේ පියාගේ අසනීප කටයුතු හින්දා තමයි එහෙම සිද්ධවුණේ. පියාගේ අසනීප තත්ත්වය සියයට සියයක්‌ හොඳ අතට හැරුණාට පසුව නැවතත් නැකතත් බලලා ඒ කටයුතු සිදුකරනවා.

චතුරිකාටත් පසුගිය කාලයේ හරියට ප්‍රශ්න ?

ප්‍රශ්න නෙමෙයි. රූගත කිරීම් සහ ව්‍යාපාර කටයුතු කියන කාරණා දෙකම එකට සිදුවුණ හින්දා ටිකක්‌ කාර්යබහුල වුණා. ඒක හින්දා අනෙක්‌ වැඩකටයුතු අතපසුවුණා. විවාහ උත්සවයක්‌ කියන්නේ එහෙම ඉක්‌මනට කරන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි. ඒ වෙනුවෙන් පෙර සූදානමක්‌ තියෙන්න ඕනෑ. අද වෙනකොට උපන්දින සාදයක්‌වත් එහෙම කරන්න බැහැ. ඒකත් එක්‌ක අපි දෙන්නම කතා කරලා දෙසැම්බර් මාසයේ තිබුණ විවාහ ගිවිස ගැනීම පොඩ්ඩක්‌ කල්දමාගත්තා. අනික අපි දෙන්නාටම පහසුයි. ඒ කටයුතු ඉතාම ලස්‌සනට අලංකාරව සිදුකරන්න ඕනෑ. අනික එහෙම දෙයක්‌ කරනවා නම් මාධ්‍යයටත් කියන්න එපායෑ. මාධ්‍යයට නොකියා ඒවා කරන්න හොඳ නැහැනේ. ඒක තමයි සිදුවුණේ. 

ගයාන් - චතුරිකා දැන් වැඩිපුර මාධ්‍ය ඉදිරියේ නැහැ. ඒ හින්දා ලැබෙන ප්‍රතිචාරවල අඩුවක්‌ තියෙනවාද?

ලැබෙන ප්‍රතිචාරවල අඩුවක්‌ නැහැ. ගොඩක්‌ දෙනා අහනවා ඇයි ඔයගොල්ලෝ වැඩවලට නැත්තේ කියලා.

දිනේෂ් විතාන



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. There are many enchanting attractions in the town among which vegetable markets, Chinese Houses, temple ceremonies, trishaws, mahjong games and various other attracts will never fail to impress you Watch Latest News At Gossiplankaupdates.

    ReplyDelete

emo-but-icon

Related

තරුකැට 4075424977345878227

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item