මොණරාගල බඩඉරිඟු ගස් පිටින් සත්ව ආහාර වලට

මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බඩ ඉරිඟු වගාවන් නිසරු වීම නිසා අස්වැන්න ලබා නොගෙන කරල් පිටින්ම බ...


මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බඩ ඉරිඟු වගාවන් නිසරු වීම නිසා අස්වැන්න ලබා නොගෙන කරල් පිටින්ම බඩඉරිඟු ගස් සත්ව ආහාරවලට විකිණීමට ගොවීහු පියවර ගෙන තිබේ.


කරල් සහිත බඩ ඉරිඟු ගස් ටොන් එකක් රුපියල් 11500 බැගින් මිල දී ගැනීමට අඹ්වෛල සහ ගිනිගත්හේන ප්‍රදේශවල ගව පට්ටි පවත්වාගෙන යන සමාගම් දෙකක් ඉදිරිපත් වී සිටිති. සියඹලාණ්ඩුව කොඩයාන ප්‍රදේශයේ පිහිටි ආයතනයක් බඩ ඉරිඟු ගස් මිල දී ගැනීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කොට ඇත.

ඊට ගොවීන් කරල් සහිත බඩ ඉරිඟු ගස් ගෙනවිත් භාරදිය හැක. එසේ නොමැති නම් අඹ්වෛල හා ගිනිගත්හේන ප්‍රදේශවල පිහිටි ගවපාලන ගොවි‍පොළවලට ද රැගෙන ගොස් භාරදීමට පුළුවන.

2016/2017 මහ කන්නයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 22150ක බඩඉරිඟු වගා කර තිබේ. නිසි කලට වැසි නොලැබිම නිසා බඩඉරිඟු වගාවෙන් බලා‍පොරොත්තු වූ අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වී තිබේ. ගස් බාල වීම නිසා කරල් කුඩා වී තිබෙන අතර ඇට ප්‍රමාණයද අඩුය.

මේ පිළිබඳව මොණරාගල දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජේ.පී. සුමනරත්න මහතාගෙන් කළ විමසුමකදී මෙසේ පැවැසීය. 2016/2017 මහ කන්නයේදී හෙක්ටයාර් 22150 බඩඉරිඟු වගාකර තිබෙනවා. අපේ ඉලක්කය වී තිබුණේ හෙක්ටයාර් 21498ය.

බඩඉරිඟු වගාවෙන් මෙට්‍රික් ටොන් 99674ක අස්වැන්නක් අපේක්ෂා කළා. නමුත් දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය නිසා ලැබෙන අස්වැන්න මෙට්‍රික් ටොන් 49837ක් දක්වා අඩුවන බවට නිගමනය කර තිබෙනවා. කරල් බාල වී අස්වැන්න අඩුවන නිසා ගොවීන් කරල් සහිත ගස් සත්ව ආහාරයට දීමට පෙළඹෙන්න ඇති.

මේ සම්බන්ධයෙන් මඩුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චමින්ද පුෂ්පකුමාර මහතා මෙසේ කීහ.

මමත් අක්කර හය හතක බඩඉරිඟු වගා කර තිබෙනවා. වැස්ස නැති නිසා ගස් බාල වුණා. කරල් ‍පොඩියි. ඇටවල කිරි ගතිය වියළි බර අඩුවෙනවා. ඒ නිසා ගස් කරල් පිටින්ම සත්ව ආහාරයට දෙන්න මම තීරණය කළා. එසේ දීම ලාභ සහිත බව මගේ හැඟීමයි. මුළු දිස්ත්‍රික්කයේම බඩ ඉරිඟු ගොවීන්ගේ බලා‍පොරොත්තු හා අපේක්ෂාවන් නියඟය නිසා බොඳව ගියා.

ඡායාරූප සහ විස්තරය - බිබිල නඳුන් ගුණතිලක



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8237734590351481167

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item