ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

කබීර් හෂීම් අමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල...

කබීර් හෂීම් අමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙන්නේ රුපියල් බිලියන 150ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.

අදාළ පැමිණිල්ල අද(18) දිනයේ සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ මෙම ගනුදෙනුව හරහා රජයට බිලියන 150ක අලාභයක් සිදුවී ඇති බවයි.

එමෙන්ම මෙම හෙළිදරව්ව ටොප් ටෙන් 6 වෙනි ‍හෙළිදරව්ව බවත්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්ගේ අමාත්‍යංශ විෂය පථයට ගැනෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඇණවුම් කළ A350/900 එයාර් බස් වර්ගයේ ගුවන් යානා 3ක් මිලදී ගැනීම අවලංගු කර රජයට අමෙරිකානු ඩොලර් මිලියන 98ක මුදලක් අහිමි කිරීම හා එම ගනුදෙනුව හරහා රජයේ ප්‍රබලයෙකු විසින් අමෙරිකානු ඩොලර් මිලියන10ක කොමිස් මුදලක් ලබා ගැනීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව මෙම පැමිණිල්ල සිදු කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4620920900197235482

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item