ජනපති ශ්‍රීලනිපයේ ඇමැතිවරුන් කැඳවයි - හදිසි තීරණ ගැනීමේ සූදානමක්!

එළැඹිය හැකි නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණදෙමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අමාත්‍යාංශ මට්ටමේ සූදානම පිළිබඳ විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධි...

එළැඹිය හැකි නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණදෙමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අමාත්‍යාංශ මට්ටමේ සූදානම පිළිබඳ විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද(18) ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි. 

පීඩාවන් අවම කර ගනිමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීමේදී හදිසි තීරණ ගැනීම සඳහා විදුලිබල අමාත්‍යාංශයේ, මහවැලි අමාත්‍යාංශයේ සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට ද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. 

එමෙන්ම නියං තත්ත්වයට මුහුණදීම සඳහා ඒ ඒ අමාත්‍යාංශ මගින් දැනට කි‍්‍රයාත්මක කරන සහ ඉදිරියේදී සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර අපගේ ජල මුලාශ‍්‍ර ආරක්ෂා කර ගනිමින් මෙවන් තත්ත්වයන් අවම කරගැනිම සඳහා ගතයුතු පියවරයන් පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දැනට සිඳී ඇති වැව් ප‍්‍රතිසංස්කරණ කිරීම සඳහා වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන ලෙස ද උපදෙස් දුන් ජනාධිපතිවරයා ජල සම්පත අරපිරිමැස්මෙන් භාවිතා කරමින් එය සුරැකීම සඳහා සියලූ ජනතාවට පුළුල් අවබෝධයක් ලබාදීමේ වැඩසටහනක අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලසන්ත අලගියවන්න යන මහත්වරුන්වරුන් ද අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුලු නිළධාරින් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 33323550936594988

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item