යහපාලන ආණ්‌ඩුවේ ජනපති මුදල් ඇමැති වී මුදල් ඇමැති ජනපති වෙලා - මහින්ද

යහපාලන ආණ්‌ඩුව තුළ විධායක ජනාධිපතිවරයා මුදල් ඇමැති වී මුදල් ඇමැතිවරයා ජනාධිපති වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය....

යහපාලන ආණ්‌ඩුව තුළ විධායක ජනාධිපතිවරයා මුදල් ඇමැති වී මුදල් ඇමැතිවරයා ජනාධිපති වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

නාරාහේන්පිට අභයාරාමයේ (26 වැනිදා) පැවති උත්සවයකදී මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය. ආණ්‌ඩුවේ ඇමැතිවරුන් කොහෙද යන්නෙ එන්නෙ කියලා හොයලා බලන්න බුද්ධි අංශය යොදවා තිබෙනවා. ඒ තරම් ආණ්‌ඩුව අද බයවෙලා. ඒ නිසයි නුගේගොඩ රැස්‌වීමට අපි ඔවුන්ට එන්න එපා කිව්වේ. දැන් එජාපයත් රැස්‌වීමක්‌ තියන්න හදනවා. බලමු වෙනස කොහොමද කියලා. ඒ අය රාජ්‍ය නිලධාරීන් ගෙන්න ගන්න පුළුවන්.

අපි බලයට පැමිණි වහාම බැඳුම්කර සිද්ධියට සම්බන්ධ සියලුම දෙනාට නීතිමය පියවර ගන්නවා. අද වන විට ගිරයට හසු වූ පුවක්‌ ගෙඩියක්‌ මෙන් මේ වන විට රට විශාල ණය උගුලකට හසු වී තිබෙනවා. මේ අවුරුදු දෙක තුළ පමණක්‌ ඇමරිකානු ඩොලර් මිලියන දහදහස්‌ පන්සියයකට වඩා ණය අරගෙන තිබෙනවා. මේවායින් එක කාණුවක්‌, බෝක්‌කුවක්‌, ගොඩනැගිල්ලක්‌ ඉදිකර නැහැ. අද කොළඹ නගරයේ ඉදිවෙන විශාල හෝටල් සියල්ලේ ඉදිකිරීම් ආරම්භ වුණේ අපේ කාලයේදීයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1931903395571102326

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item