හමුදාවෙන් පැන්න 679ක් මාට්ටු
ත්‍රිවිධ හමුදා සේවයෙන් පලා ගොස් සැඟව සිටින හමුදා සාමාජිකයන් 679 දෙනකු මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය...

https://www.sathhanda.com/2025/03/679.html
ත්‍රිවිධ හමුදා සේවයෙන් පලා ගොස් සැඟව සිටින හමුදා සාමාජිකයන් 679 දෙනකු මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය. මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර, ත්‍රිවිධ හමුදාව විසින් සිදුකළ මෙහෙයුම්වලින් 572 දෙනෙකුද, පොලිසිය විසින් සිදුකළ මෙහෙයුම්වලින් 107 දෙනෙකුද ඇතුළත් වේ.
ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත, පසුගිය පෙබරවාරි මස 22 වන දින සිට අද (05) දක්වා කාලය තුළ රටපුරා සිදුකළ මෙහෙයුම්වලින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හෙරත් මහතා පැවසීය.
මෙම මෙහෙයුම්වලින් හමුදාවෙන් පැන්න සාමාජිකයන් සොයා ගැනීමට අඛණ්ඩව කටයුතු කරන බවත්, රටේ ආරක්ෂාව හා නීතිය ගරු කිරීම අරමුණු කරගත් මෙම ක්‍රියාවලිය තවදුරටත් දිගටම කරගෙන යනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.
Related