එන්ජීඕවලට උදව් කරන්න සීඅයිඒ(CIA) ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට ඩොලර් මිලියන 1.7 ක මුදලක්‌ ලබාදීමට ඇමරිකාවේ සී. අයි. ඒ. සංවිධානය තීරණය කර ඇත. ඔවුන් මෙම මුදල ලබ...

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට ඩොලර් මිලියන 1.7 ක මුදලක්‌ ලබාදීමට ඇමරිකාවේ සී. අයි. ඒ. සංවිධානය තීරණය කර ඇත. ඔවුන් මෙම මුදල ලබාදෙන්නේ යුද අපරාධ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වෙන ක්‍රියාවලියක්‌ සකස්‌ කිරීම සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා එම ක්‍රියාවලිය හරහා දණ්‌ඩනයට යටත් කිරීම යන කාර්ය සඳහාය.

මෙම මුදල ලැබෙනුයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ඇමරිකන් රාජ්‍ය මණ්‌ඩලය නමැති සංවිධානය හරහාය.

මෙම අරමුදල් සැපයීම සඳහා 2017 පෙබරවාරි 13 දාට පෙර ඉල්ලුම් කරන ලෙස ඇමරිකානු බලධාරීන් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා තිබේ.

මෙයට අමතරව ඇමරිකානු යූ එස්‌ ඒඩ් සංවිධානය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීමේ ව්‍යාපෘති ශක්‌තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 13.7 ක මුදලක්‌ ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇත.

යහපාලන ක්‍රියාදාමයට සම්බන්ධ ව්‍යාපෘති සඳහා වැය කිරීමේ අරමුණින් මෙම අරමුදල සපයන බව ඇමරිකානු බලධාරීන් තවදුරටත් දක්‌වා තිබේ.

ඇමරිකානු රජය මෙම අරමුදල් සැපයීමට තීරණය කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට පෙරය.

විදේශ රටවල කටයුතුවලට මැදිහත් නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබිණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1877404708687678872

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item