ආරක්ෂක අංශ හිරු ඩ්‍රෝන කැමරාවත් අරගෙන

හම්බන්තොට ආයෝජන කලාපයට මුල් ගල තැබීමට එරෙහිව පැවැති උද්ඝෝෂණය වාර්තා කරමින් සිටි හිරු රූපවාහිනියේ ඩ්‍රෝන කැමරාව ආරක්ෂක අංශයේ යැයි කියන පිරිස...

හම්බන්තොට ආයෝජන කලාපයට මුල් ගල තැබීමට එරෙහිව පැවැති උද්ඝෝෂණය වාර්තා කරමින් සිටි හිරු රූපවාහිනියේ ඩ්‍රෝන කැමරාව ආරක්ෂක අංශයේ යැයි කියන පිරිසක් රැගෙන ගොස් ඇතැයි එම නාලිකාව පැමිණිලි කර තිබේ.

ඩ්‍රෝන කැමරාව ඉහළට යවා වාර්තා කිරීමෙන් පසු යළි පහළට ගත් අවස්ථාවේ හේතු නොදක්වා එම පිරිස එය රැගෙන ගොස් ඇත. එම නාලිකාව පැමිණිලි කිරීමෙන් පසු අද පස්වරු 7.30ට පමණ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගේ මැදිහත්වීම මත ඩ්‍රෝනය ලබා දුන්නද එහි දත්ත සටහන් වන උපාංගය (චිප්) ලබා දී නැතැයි දැනගන්නට තිබේ.

මේ ගැන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කීවේ ඩ්‍රෝන කැමරාව තම මැදිහත්වීමෙන් යළි මාධ්‍ය ආයතනයට ලබා දුන් බවයි. එහි දත්ත සටහන්වන උපාංගය ද යළි ලබා දීමට කටයුතු කරමින් සිටින බව ද කලංසූරිය මහතා කීවේය.

ආයෝජන කළාපයට මුල් ගල තැබීමේ උත්සවය පැවැතියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිගේ ප්‍රධානත්වයෙනි. එම උත්සවය ආරම්භ වීමට පෙර සිට හම්බන්තොට ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්විණි. හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙර දින නියෝග කර තිබුණේ නම්කළ ස්ථාන කිහිපයක විරෝධතා නොපවත්වන ලෙසයි. එම නියෝගයේ පිටපත් හිටපු කතානායක චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පළාත් සභා මන්ත්‍රී ඩී වී උපුල් මහත්වරු ඇතුළු 23 දෙනකුට ලබා දෙන ලස නියෝග කර තිබිණි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1122681900315638287

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item