2030 FIFA ලෝක කුසලානයට රටවල් 64ක්
2030 වසරේ පැවැත්වෙන FIFA ලෝක කුසලාන තරගාවලියේ සියවස් සැමරුම සඳහා රටවල් 64කට තරග වරම් හිමිකර දීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) තීරණය කර ඇත. ...

2030 වසරේ පැවැත්වෙන FIFA ලෝක කුසලාන තරගාවලියේ සියවස් සැමරුම සඳහා රටවල් 64කට තරග වරම් හිමිකර දීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) තීරණය කර ඇත. 1930 වසරේදී උරුගුවේ රාජ්‍යයේ සත්කාරකත්වය යටතේ පාපන්දු ලෝක කුසලානය ආරම්භ වූ අතර, 2030 වසරේදී එයට වසර 100ක් සම්පූර්ණ වේ.
මෙම වාර්ෂික සැමරුම සඳහා, 2030 ලෝක කුසලානය අප්‍රිකානු රටක් වන මොරොක්කෝව සහ යුරෝපීය රටවල් දෙකක් වන ස්පාඤ්ඤය හා පෘතුගාලයේ සමසත්කාරකත්වය යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ මහාද්වීප දෙකකින් රටවල් තුනක් සත්කාරකත්වය දක්වන පළමු අවස්ථාව වනු ඇත.
එසේම, 100වන සංවත්සරය සැමරීම සඳහා ආර්ජන්ටිනාව, පැරගුවේ සහ උරුගුවේ යන රටවල තරග 3ක් පැවැත්වීමටද FIFA සැලසුම් කර ඇත. 2026 ලෝක කුසලානයද ඇමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර, එම තරගාවලියේදී ක්‍රීඩාකරන කණ්ඩායම් සංඛ්‍යාව 32 සිට 48 දක්වා ඉහළ දමා ඇත.
Related