අරගල කළ ගැහැණියට ස්තුතියි
අරගල කරන ලද සියලු ගැහැණුන්ට ප්‍රණාමය පුද කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ...

අරගල කරන ලද සියලු ගැහැණුන්ට ප්‍රණාමය පුද කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය.
"අරගල කරන ලද සියලු ගැහැණුන්ට අපේ ප්‍රණාමය පුද කරනවා. අප පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියන් විසි දෙකක් පැමිණ සිටින්නේ ඒ අරගල වල ප්‍රතිඵලයක් ලෙසිනි. අද අප මෙතන හිටගෙන ඉන්නේ අප වෙනුවෙන් පෙනී සිටි සහෝදරියන් නිසයි. විශේෂයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියන් විසි දෙනා වෙනුවෙන්, අප වෙනුවෙන් සිටි නම් නොදන්නා මෙන්ම නම් දන්නා සහෝදරියන් වෙනුවෙන් මෙහිදී ස්තූතිය පුද කරනවා.
වෙනදාට වඩා දැන් කාන්තා දේශපාලනයට හඬක් ලැබී තිබෙනවා. නායිකාවන් මතු කර ගෙන තිබෙනවා" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
ජාත්‍යන්තර කාන්තා දිනය අවස්ථාවේදී, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ දේශපාලනයේ ඔවුන්ගේ සහභාගීත්වය වැඩි දියුණු කිරීම සඳහා අරගල කළ සියලුම කාන්තාවන්ට ගෞරවය පුද කරන ලෙස අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
Related