මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ අධිකරණ නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජ...

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ අධිකරණ නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

2015 පෙබරවාරි 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර නිකුතුවේදී රජයට රුපියල් මිලියන 688කට අධික පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියකට අදාළව පොලිසිය විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යන ගිණුම් සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බව සඳහන් කළේය.

එම ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළ අතර එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් නියම කළාය.

මෙම අපරාධය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1474913244998649270

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item