පවුම් මිලියනයක් දී 900 දෙනෙකුගේ ණය ගෙවූ මයිකල් ෂීන්
හොලිවුඩ් නළු මයිකල් ෂීන් තමන්ගේම මුදලින් පවුම් මිලියනයක් වැය කර 900 දෙනෙකුගේ ණය ගෙවීමට කටයුතු කර තිබේ. මෙම ක්‍රියාවලිය සඳහා ඔහු එංගලන්තයේ ද...

හොලිවුඩ් නළු මයිකල් ෂීන් තමන්ගේම මුදලින් පවුම් මිලියනයක් වැය කර 900 දෙනෙකුගේ ණය ගෙවීමට කටයුතු කර තිබේ. මෙම ක්‍රියාවලිය සඳහා ඔහු එංගලන්තයේ දකුණු වේල්සයේ ණය අත්පත් කර ගැනීමේ සමාගමක් ආරම්භ කර ඇත. මෙම සමාගම හරහා බැංකු සහ මුල්‍ය සාමාගම් සමඟ සාකච්ඡා කරමින් අදාළ ණය හිමියන්ගේ තොරතුරු සහ ණය මයිකල් ෂීන්ගේ සමාගම වෙත පවරා ගෙන එම ක්‍රියාවලිය සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පියවර ගැන අදහස් දක්වමින් මයිකල් ෂීන් පවසා ඇත්තේ, තමන්ට නාස්ති කිරීමට මුදල් නොමැති බැවින් මෙලෙස ආයතනයක් පිහිටුවා ක්‍රමාණුකූලව ණය ගෙවීම් සිදු කරන බවයි. එමෙන්ම ඔහු පැහැදිලි කර ඇත්තේ, තමා විසින් මෙලෙස ණය ගෙවීම් සිදුකරන පුද්ගලයින් කවුදැයි හෝ ඔවුන් කුමන පිරිසක්ද යන්න තමන් කිසිවක් නොදන්නා බවයි.
වර්තමානයේ පවතින රැකියා අහිමි වීම් සමඟ බොහෝ පවුල් ආර්ථික අතින් ඉතා අවිනිශ්චිතතාවයකට පත්ව ඇති බවත්, ඔවුන් ආතතියෙන් ජීවත් වන බවත් ෂීන් පෙන්වා දෙයි. එම පිරිසට පිළිසරණයක් ලෙස තමන් මෙම ණය අත්පත්කර ගැනීමේ සමාගම පිහිටවූ බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කර ඇත.
Related