අල්ලස් ගත් SI - PC රිමාන්ඩ්
ගල්නෑව පොලිසියේ උප පොලිස් පරීක්ෂක හා පොලිස් කොස්තාපල් වරයකු, පැමිණිල්ලක් විභාග කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල්...

ගල්නෑව පොලිසියේ උප පොලිස් පරීක්ෂක හා පොලිස් කොස්තාපල් වරයකු, පැමිණිල්ලක් විභාග කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් තිස් දහසක අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇත. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (07) සැකකරුවන් ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
ගල්නෑව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් පැවසීය. පැමිණිලිකරුගේ කොල මඩින යන්ත්‍රයක් (සුනාමි යන්ත්‍රයක්) සොරකම් කර ඇති බවට පැමිණිලි කිරීම සඳහා ගල්නෑව පොලිසියට පැමිණි අවස්ථාවේදී, එම යන්ත්‍රය පැමිණිලිකරුගේ පුතා විසින් සොරකම් කර ඇති බවට හෙළි වීමෙන් පසුව, එම පැමිණිල්ල සටහන් නොකර යන්ත්‍රය මිලදී ගන්නා ලද පුද්ගලයා හට මේ සඳහා මුදල් ලබා දීමට එකග වී, නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම කරුණු දක්වමින් පැවසීය.
සැකකරුවන් නීතිමය ක්‍රියා මාර්ග නොගෙන සිටීම සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් 30,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් පැවසීය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැමිණිලිකරුවට එරෙහිව විමර්ශනයක් කිරීම සම්බන්ධයෙන් උරන වී පොලිස් නිලධාරියාව අල්ලස් සිද්ධියට පටලවා ඇති බව සඳහන් කළේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන් ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.
Related