වනඅලි - දුම්රිය අනතුරු වළක්වන්න සිසුවෙකුගෙන් නව සොයාගැනීමක්
වනඅලි දුම්රිය ගැටීම් හේතුවෙන් සිදුවන අනතුරු ශ්‍රී ලංකාවේ තවමත් නොවිසඳුණු ගැටලුවකි. මෙම අනතුරු නිසා රටේ වනඅලි ගහනයට දැඩි බලපෑමක් එල්ල වී ඇත...

වනඅලි දුම්රිය ගැටීම් හේතුවෙන් සිදුවන අනතුරු ශ්‍රී ලංකාවේ තවමත් නොවිසඳුණු ගැටලුවකි. මෙම අනතුරු නිසා රටේ වනඅලි ගහනයට දැඩි බලපෑමක් එල්ල වී ඇත. බලධාරීන් සහ පර්යේෂකයින් AI තාක්ෂණය ඇතුළු විවිධ ක්‍රමෝපායන් උපයෝගී කරගනිමින් මෙම අනතුරු වළක්වා ගැනීමට උත්සාහ ගෙන ඇති නමුත්, ඒවා තවමත් සාර්ථකව ක්‍රියාත්මක කර නැත.
සුමීර රන්තරු සිසුවා විසින් නිපදවා ඇති නව උපකරණය මගින් දුම්රිය මාර්ගයේ වනඅලි රැඳී සිටී නම්, එම උපකරණය ක්‍රියාත්මක වී දුම්රියේ රියදුරුට SMS පණිවිඩයක් මගින් දැනුම් දෙයි. මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදුවේ.
මෙම නව නිර්මාණය පිළිබඳ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ, උපකරණයේ ක්‍රියාකාරී තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන බවයි. එම උපකරණය සාර්ථක වුවහොත්, එයට අවශ්‍ය මූලයම සහ අනෙකුත් පහසුකම් ලබා දීමට හැකි වනු ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.
Related