ලොකු පොලී සිහිනය බොඳ කළ කත රිමාන්ඩ්

ආකර්ෂණීය පොලී මුදලක් ලබාදෙන බවට මුහුණු පොත ඔස්සේ දැන්වීම් පළකරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටමින් රුපියල් ලක්ෂ 450කට ආසන්න මුද...

ලොකු පොලී සිහිනය බොඳ කළ කත රිමාන්ඩ්

ආකර්ෂණීය පොලී මුදලක් ලබාදෙන බවට මුහුණු පොත ඔස්සේ දැන්වීම් පළකරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටමින් රුපියල් ලක්ෂ 450කට ආසන්න මුදලක් වංචා ලෙස ලබාගත් කාන්තාවක මෙම 18 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි හැටන් මහේස්ත්‍රාත් එම්. ෆරුක්ඩීන් මහතා ඊයේ (10) නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බදුල්ල කන්දේගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටින දිලිනි ශාමේන් සොක්මන් (31) නමැති තිදරු මවකි.

සැකකාර කාන්තාව හැටන් ප්‍රදේශයේ කාන්තාවකගෙන් මෙවැනි ආකාරයකට රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාගෙන, එම මුදලට පොලිය හෝ ලබාගත් මුදල නොගෙවීම සම්බන්ධයෙන් එම කාන්තාව හැටන් පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකාර කාන්තාව හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, මීට පෙර දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබුවාය.

ඇප කොන්දේසියක් වූ එම සැකකාරිය සෑම මසකම අවසන් ඉරුදින හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පෙනී සිට අත්සන් කළ යුතු වුවත්, එසේ අත්සන් නොකර මාස පහක් තිස්සේ නඩුවාර තුනක් මගහැර සිටීම හේතුව මත වරෙන්තු ලබා සිටි අතර, සැකකාරිය යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එසේ රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1333829848704983020

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item