තැන තැන හමු වූ නීතිවිරෝධී ගිනිඅවි
ඇල්පිටිය පොලිස් වසමේ මන්ඩකන්ද ප්‍රදේශයේදී, ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලබාගත් තොරතුරු මත වැටලීමක් සිදුකර ඇත. එහිදී,...

ඇල්පිටිය පොලිස් වසමේ මන්ඩකන්ද ප්‍රදේශයේදී, ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලබාගත් තොරතුරු මත වැටලීමක් සිදුකර ඇත. එහිදී, ටී 56 වර්ගයේ පතොරොම් යෙදිය හැකි රිවෝල්වර අවියක් සහ ටී 56 පතොරොම් 03ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවා අවුරුදු 44ක් වන මන්ඩකන්ද, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තවද, දඹගල්ල පොලිස් වසමේ කොල්ලාදෙනිය ප්‍රදේශයේදී, දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලබාගත් තොරතුරක් මත වැටලීමක් සිදුකර ඇත. මෙහිදී, මෙරට නිශ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 30ක් වන ඌව ගංගොඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
උළුක්කුලම පොලිස් වසමේ පාවක්කුලම ප්‍රදේශයේදී, උළුක්කුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලබාගත් තොරතුරක් මත වැටලීමක් සිදුකර ඇත. මෙහිදී, මෙරට නිශ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27 හා 32 වයස්වල පාවක්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
කොටවෙහෙර පොලිස් වසමේ ගල්ලෑගොඩ ප්‍රදේශයේදී, ගොටවෙහෙර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලබාගත් තොරතුරක් මත වැටලීමක් සිදුකර ඇත. මෙහිදී, මෙරට නිශ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 56ක් වන ගල්ලෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම, කඩවත පොලිස් වසමේ ඇල්දෙණිය ප්‍රදේශයේදී, පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලබාගත් තොරතුරක් මත වැටලීමක් සිදුකර ඇත. එහිදී, ඇල්දෙණිය සුවසෙත උයන ආසන්නයේ ඇති විදුලි සංඥා කුළුණක් ආසන්නයේ ලඳු කැලෑවක සඟවා තිබූ මි.මී 09 වර්ගයේ ගිනි අවියක් හා මි.මී 09 වර්ගයේ පතොරොමක් සොයාගෙන ඇත. මෙම අවිය සඟවා තිබූ පුද්ගලයින් සොයා ගැනීම සඳහා කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.
Related