ඝාතනයකින් කෙළවර වූ බහින්බස්වීම
වරකාපොළ පොලිස් වසමේ ඇත්නාවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇත. මෙම සිදුවීම ඊයේ (08) රාත්‍රී කාලයේදී සිදුවූ බව පොලීසිය පවසයි. මියගි...

වරකාපොළ පොලිස් වසමේ ඇත්නාවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇත. මෙම සිදුවීම ඊයේ (08) රාත්‍රී කාලයේදී සිදුවූ බව පොලීසිය පවසයි. මියගිය පුද්ගලයා ඇත්නාවල, වරකාපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ වයස අවුරුදු 61කි.
මරණකරු තම සහෝදරයාගේ නිවසේ පැවති දානමය පිංකමකට සහභාගී වී නිවස බලා ගමන් කරමින් සිටියේය. එම ගමනේදී අසල්වැසි පුද්ගලයෙකු සමඟ බහින් බස් වීමක් සිදුවිය. මෙම ආරවුල දුරදිග ගිය අතර, එහිදී අසල්වැසියා විසින් පහරදීමක් සිදුකර ඇති අතර, එය මරණයට හේතුවී ඇති බව පොලීසිය විමර්ශනයෙන් අනාවරණය කරගෙන ඇත.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටී.
Related