ශ්‍රී ලංකා මාස්ටර්ස්ලාට තවත් සුපිරි ජයක්
නායක කුමාර සංගක්කාර පන්දු 42කදී ලකුණු 47ක් රැස්කළ අතර, අසේල ගුණරත්න පන්දු 45කින් අගනා ලකුණු 64ක් රැස්කිරීමට සමත් විය. කොදෙව් මාස්ටර්ස් කණ්ඩ...

නායක කුමාර සංගක්කාර පන්දු 42කදී ලකුණු 47ක් රැස්කළ අතර, අසේල ගුණරත්න පන්දු 45කින් අගනා ලකුණු 64ක් රැස්කිරීමට සමත් විය. කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම ලකුණු 174ක ජයක්ග්‍රාහී ඉලක්කයක් හඹාගියද, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 152ක් පමණි. ඩිවේන් ස්මිත් පන්දු 43කදී ලකුණු 49ක් රැස්කිරීම ඔවුන්ගේ පිතිකරුවෙකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ඉසුරු උදාන ලකුණු 15කට කඩුලු 02ක් දවාගත්තේය. මෙය මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව අඛණ්ඩව ලැබූ තෙවන ජය වන අතර, මෙම ජයත් සමග ඔවුන්ට තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය රැකගැනීමට අවස්ථාව උදාවිය.
මූලික වටයේ සියලු තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. ඒ අනුව මෙම ජයත් සමග ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට තවත් පියවරකින් ළඟාවිය.
Related