බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයට යැවූ විත්තිකරුට ලැබුණු දඬුවම
අගතියට පත් තරුණියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ද ගෙවන ලෙස විත්තිකරුට නියෝග කර ඇති අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව වසර එක හමාරක ලිහිල් ස...

අගතියට පත් තරුණියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ද ගෙවන ලෙස විත්තිකරුට නියෝග කර ඇති අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව වසර එක හමාරක ලිහිල් සිර දඬුවම් නියම කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ප්‍රකාශ කළේය.
කල්මුණේ ප්‍රදේශයේ පදිංචි අබ්දුල් කාදර් සරීබ් නැමැති 59 හැවිරිදි තිදරු පියෙකුට මෙලෙස දඬුවම් නියම විය. බාල වයස්කාර දරුවන් වහල් වෙෙළඳාමට නතු කොට ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑම බරපතළ වරදක් බවත්, එය මනුෂ්‍යත්වයට නොගැලපෙන ක්‍රියාවක් බවත් විනිසුරුවරයා තීන්දුව දෙමින් ප්‍රකාශ කළේය.
සිය දරුවන්ගේ මෙන්ම අනෙකුත් දරුවන්ගේ ද ආරක්ෂාව හා සුභසාධනය සහතික කිරීම වැඩිහිටියන්ගේ වගකීම යැයි පෙන්වා දුන් විනිසුරුවරයා, විත්තිකරු එම වගකීම පැහැර හැර තිබෙන බවට චෝදනා කළේය.
අගතියට පත් දැරිය විදේශගත වී මාස දෙකක් තුළ ඇය සේවය කළ නිවැසියන්ගේ වද හිංසාවලට පාත්‍ර වී තිබෙන බවත්, පසුව ඇය මෙරටට පැමිණි බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය. ඇය යළි මෙරටට නොපැමිණියේ නම්, මැද පෙරදිග දී ජීවිතය අහිමි කරගත් රිසානා දැරියට අත් වූ ඉරණම මෙම දැරියට ද අත්වීමට ඉඩ තිබූ බවත් ඔහු සඳහන් කළේය.
2008 වසරේ යළි දිවයිනට පැමිණි මෙම දැරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව විත්තිකරුට එරෙහිව මෙම අධි චෝදනා පත්‍රය අධිකරණයට ඉදිරිපත් වන්නේ වසර නවයක් ගත වීමෙන් පසුව බවත්, මෙම නඩු තීන්දුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරිය වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා සිය තීන්දුව තුළින් වැඩිදුරටත් නියෝග කළේය.
Related