මහ මඟ දමා ගිය දරු සෙනෙහස

අම්බලන්ගොඩ පොලිස් වසමේ මාදම්පාගම දේවගොඩ "මල් අල්ලිය" ආසන්නයේ නිවසක් ඉදිරිපිට තාප්පයක් අසල දමාගිය බිලිඳෙකු සොයාගෙන බලපිටිය මූලික ...

මහ මඟ දමා ගිය දරු සෙනෙහස

අම්බලන්ගොඩ පොලිස් වසමේ මාදම්පාගම දේවගොඩ "මල් අල්ලිය" ආසන්නයේ නිවසක් ඉදිරිපිට තාප්පයක් අසල දමාගිය බිලිඳෙකු සොයාගෙන බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පැවසිය. මවක විසින් මාස කිහිපයක් වයස ඇති පිරිමි බිලිඳෙකු මෙලෙස දමා යන්නට ඇති බව පොලීසිය සැක කරයි.

අද (10) උදේ 8.25ට පමණ මෙම ප්‍රදේශයේ කාන්තාවක් තාප්පය අසල සෙලවෙන යමක් දැක ඒ දෙස විපරම් කිරීමේදී බිලිඳෙකු සිටින බව දැක ප්‍රදේශවාසීන් දැනුවත් කර තිබේ. පසුව අම්බලන්ගොඩ පොලීසියට දැනුම් දී මාර්ගයේ දමාගිය බිලිඳා පොලීසියට භාර දී ඇත.

පොලීස් ජංගම රථයෙන් බිලිඳා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, බිලිඳා සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බව පොලීසිය පැවසිය. බිලිඳා මාර්ගයේ දමා ගිය මව සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකාර මව සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් අම්බලන්ගොඩ පොලීසිය දැනුවත් කරන ලෙස ද පොලීසිය ඉල්ලා සිටී.

අම්බලන්ගොඩ පොලිස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රේණුකා මහත්මිය ඇතුළු නිලධාරීන් මේ පිළිබඳව විමර්ශනය සිදුකරයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5127474318578394694

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item