අගමැතිගේ කාන්තා දින පණිවුඩය

එම පණිවුඩයේ දැක්වෙන්නේ, "මෙය අප ලබා ඇති ජයග්‍රහණය සැමරීමට පමණක් නොව, ලොව පුරා කාන්තාවන්ගේ ජීවිතවලට බලපාන ව්‍යුහාත්මක අසමානතාවයන්ට මෙන...

අගමැතිගේ කාන්තා දින පණිවුඩය

එම පණිවුඩයේ දැක්වෙන්නේ, "මෙය අප ලබා ඇති ජයග්‍රහණය සැමරීමට පමණක් නොව, ලොව පුරා කාන්තාවන්ගේ ජීවිතවලට බලපාන ව්‍යුහාත්මක අසමානතාවයන්ට මෙන්ම ස්ත්‍රී විරෝධී මතවාදයන්ට මුහුණ දීමටත් එකට එක්විය යුතු කාලයකි."

තවද, "ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, ආර්ථික දුෂ්කරතා සහ දේශපාලනික බැහැර කිරීම්, ග්‍රාමීය ප්‍රජාවේ කාන්තාවන්ට, යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන්ට, වතුකරයේ සහ අවිධිමත් කම්කරු අංශයේ කාන්තාවන්ට වැනි වෙනස් සමාජ කණ්ඩායම්වලට අසමාන ලෙස බලපායි" යනුවෙන් අගමැතිවරිය අවධාරණය කළා.

මෙම ජාත්‍යන්තර කාන්තා දිනයේදී, වචනවලින් ඔබ්බට ගොස්, අතීත, වර්තමාන හා අනාගත පරම්පරාවන් උදෙසා ක්‍රියාත්මක වෙන බවත් දිගුකාලීන වෙනසක් සඳහා කැපවී කටයුතු කරන බවත් අගමැති නිකුත් කළ පණිවුඩයේ දැක්වෙයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5684776137975140362

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item