භූතයාට තරුණයා බිලි
ගොයම් කපන යන්ත්‍රයක් (භූතයා) ට්‍රැක්ටර් ටේරලයෙන් බිමට බෑමට උත්සාහ කිරීමේදී එය පෙරලී ඇති අතර, එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලි...

ගොයම් කපන යන්ත්‍රයක් (භූතයා) ට්‍රැක්ටර් ටේරලයෙන් බිමට බෑමට උත්සාහ කිරීමේදී එය පෙරලී ඇති අතර, එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසයි. මෙම අනතුර සිදුව ඇත්තේ වැලිපිටිය බෙරලෑලිය රාජකාරී වේල්ල ප්‍රදේශයේ කුඹුරු යායක ගොයම් කැපීම සඳහා යන්ත්‍රය ප්‍රවාහනය කරන අතරතුරයි.
අනතුරට පත්වූ තරුණයා අසල්වාසීන් විසින් වැලිගම වලාන රජයේ රෝහලට රැගෙන ගිය නමුත්, රෝහල් ගත කරන විට ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ තරුණයා වැලිගම වැලිපිටිය මුනමල්පෙ ප්‍රදේශයේ පදිංචි කසුන් චාමර නමැති අවිවාහක තරුණයකු බව සඳහන් වේ.
මෙම සිදුවීම පිළිබඳ වැඩි විස්තර සඳහා වැලිගම පොලිසිය විසින් පරීක්ෂණ අඛණ්ඩව සිදුකරමින් පවතී.
Related