මාදම්පේ අනතුරකින් තුනක් මරුට
මාදම්පේ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් බස් රථයක් සමඟ ගැටීමෙන් එකම පවුලේ තිදෙනකු මිය ගොස් ඇති බව මාදම්පේ පොලීසිය පවසයි. මෙම අනතුර මාදම්පේ ගලහිට...

මාදම්පේ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් බස් රථයක් සමඟ ගැටීමෙන් එකම පවුලේ තිදෙනකු මිය ගොස් ඇති බව මාදම්පේ පොලීසිය පවසයි. මෙම අනතුර මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී සිදුවී ඇති අතර, මියගිය තිදෙනා මීගමුවේ පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුර සිදුවූයේ තලවිල සාන්තා ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වූ පිරිසක් ත්‍රිරෝද රථයකින් ආපසු මීගමුව බලා ගමන් කරමින් සිටියදීය. අනතුරට පත් ත්‍රිරෝද රථය තුළ ළමුන් ඇතුළු සත් දෙනකු ගමන් කරමින් සිට ඇති බව පොලිසිය පැවසීය.
මාදම්පේ ප්‍රධාන මාර්ගයේ අද හවස පැවති දැඩි මාර්ග තදබදය අතරතුර, පුත්තලම දෙසින් කොළඹ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථය අනෙකුත් වාහන පසුකර යාමට උත්සාහ කිරීමේදී, කොළඹ දෙසින් හලාවත දෙසට ගමන් කරමින් ධාවනය වූ බස් රථයක් සමඟ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. ත්‍රිරෝද රථයට පසුපසින් තවත් වාහනයක් ගැටීම නිසා දුර්වල වූ තත්වය තවත් උග්‍ර වී ඇති බව පොලිසිය පැහැදිලි කළේය.
Related