උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළැස්මක්

උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත. මුදල්, කර්මාන්ත සහ ධීවර යන විෂයන් ඇතුළත් අමාත්‍යංශ එකතුව මෙම සැළ...

උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළැස්මක්

උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත. මුදල්, කර්මාන්ත සහ ධීවර යන විෂයන් ඇතුළත් අමාත්‍යංශ එකතුව මෙම සැළැස්ම ක්‍රියාත්මක කිරීමට සූදානම් වී ඇත.

කර්මාන්ත සංවර්ධන හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු පසුගියදා කන්කසන්තුරේ කර්මාන්තපුරය නිරීක්‍ෂණය කළහ.

උතුරු පළාතේ දැනට අක්‍රීයව පවතින රාජ්‍ය ආයතන කීපයක් නැවත සක්‍රීය කිරීමට සහ අක්‍රීයව පවතින සිමෙන්ති කර්මාන්තශලාව ඇතුළු ව්‍යාපෘති කීපයක් එහිදී අමාත්‍යවරු නිරීක්‍ෂණය කළහ.

අලිංකඩ ලුණු කර්මාන්ත ශාලාව නිරීක්‍ෂණය කළ අමාත්‍යවරු පළමු වරට රාජ්‍ය සංස්ථාවක් හරහා අයඩින් මිශ්‍ර ලුණු නිෂ්පාදනය කිරීමේ තාක්‍ෂණය සමඟ එම කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීමට උපදෙස් දුන් අතර, කන්කසංතුරේ සහ මාන්කුලම් යෝජිත කර්මාන්ත පුරය සහ පරන්තන් රසායනික ද්‍රව්‍ය කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීම සඳහා ද මෙහිදී සාකච්ඡා කළහ.

අක්‍රීයව තිබූ ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු ද මෙම නිරීක්‍ෂණ චාරිකාව අතරතුරදී නැවත ආරම්භ කිරීම ද කැපී පෙණේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8827667420849235182

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item