මාදම්පේ අනතුරකින් මවක් සහ දියණිවරු දෙදෙනෙක් මරුට
මාදම්පේ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් බස් රථයක් සමඟ ගැටීමෙන් මවක් සහ දියණියන් දෙදෙනෙකු මිය ගොස් ඇත. මෙම අනතුර මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී ස...

https://www.sathhanda.com/2025/03/blog-post_649.html
මාදම්පේ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් බස් රථයක් සමඟ ගැටීමෙන් මවක් සහ දියණියන් දෙදෙනෙකු මිය ගොස් ඇත. මෙම අනතුර මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී සිදුවී ඇති අතර, මිය ගිය තිදෙනා මීගමුවේ පදිංචිකරුවන් බව මාදම්පේ පොලීසිය පවසයි.
මෙම අනතුර සිදුවූයේ තලවිල සාන්තා ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වී ආපසු මීගමුව බලා ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථයක් බස් රථයක් සමඟ ගැටීමෙනි. අනතුරට පත් ත්‍රිරෝද රථය තුළ ළමුන් ඇතුළු සත් දෙනෙකු ගමන් කරමින් සිටියහ.
පොලිසිය මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු ගෙන යන බව දන්වා සිටියි.
Related