ගිනිගත් නිවාසවලට රජයෙන් වන්දිත් අරන් ගෙවලුත් අරන්

ඉහත නිවාස සංකීර්ණයේ නිවාස විකිණීමේදී, සාමාන්‍ය ගැණුම්කරුවන් සඳහා නිවාස විකුණුම් ක්‍රමවේදය වන්නේ නිවසේ වටිනාකමින් මුලින් 50%ක් ලබාදී, වසරක් ...

ඉහත නිවාස සංකීර්ණයේ නිවාස විකිණීමේදී, සාමාන්‍ය ගැණුම්කරුවන් සඳහා නිවාස විකුණුම් ක්‍රමවේදය වන්නේ නිවසේ වටිනාකමින් මුලින් 50%ක් ලබාදී, වසරක් ඇතුළත සියලු මුදල් ගෙවා අවසන් කළ පසු නිවාස ලබාදීමය. නමුත් පහත සඳහන් මන්ත්‍රීවරුන් මූලික ගෙවීම 25%ක් ලෙස අඩු කොට, ඉතිරිය වසර 15ක් තුළ ගෙවීමට ක්‍රමවේදයක් සකසා ගෙන නිවාස මිලදී ගෙන ඇත. එම නිවාසයන්හි වටිනාකම තීරණය කොට ඇත්තේ දේපළෙහි ආරම්භක තක්සේරු මුදල සහ වර්තමාන තක්සේරු මුදල එකතු කොට, එය දෙකෙන් බෙදා ගණනය වන මුදල දේපළෙහි වටිනාකම් වශයෙන් ගෙවීමට කටයුතු සලසා ගෙන බවද අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පැවසුවේ, "මේවා අපිට හිතෙන්නේ ගෙවල් ගිනි තියාගත්තද දන්නෙත් නැහැ. අම්මපා.. ජනේල ගිනි ගත්ත ඒවටත් ගෙයක් අරන් තියෙනවා. 76 දෙනෙක් ඉන්නවා. 26ක ලැයිස්තුවක් තියෙන්නේ." යනුවෙනි. නිවාස ලබාගත් මන්ත්‍රී ලැයිස්තුව පහතින් දක්වා ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4465106391996856922

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item