’’කඩුව’’ මුවහත් කලොත් රට ලොකු පිම්මක් පනීවි
රටට පිම්මක් පනින්නට හැකියාව ලැබෙන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කළහොත් පමණක් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා පාර්ලිමේන...

රටට පිම්මක් පනින්නට හැකියාව ලැබෙන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කළහොත් පමණක් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ රටේ ද්විතීය පාසල් සියල්ලේම ඉංග්‍රීසි භාෂාවෙන් පන්ති පටන් ගත යුතුයි. මේ වන විට ඉංග්‍රීසි ඉගැන්විය හැකි සැලකිය යුතු ගුරු පිරිසක් ඉන්නවා. මේ පිරිස ලවා හයේ පන්තියේ සිට ඉංග්‍රීසි ඉගැන්වීම විධිමත්ව ඇරැඹිය යුතුයි," ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ, "මේ පිළිබඳව ගුරුවරුන්ගෙන් සෘජුව විමසුවොත් ඔවුන් බෑ කියනවා. මොකද ඔවුන් දැන් තියෙන විදියට ගෙන යන්න කැමතියි. එදා අතීතයේදී අපේ තාත්තලගේ පරම්පරාව දුප්පත් කමින් එළියට ආවේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගත් නිසයි. ඒ අභියෝගය බාර ගත්තොත් රටට පිම්මක් පනින්න අවස්ථාව ලැබෙනවා."
ඔහුගේ මතය වූයේ, ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කිරීමෙන් රටට ලොකු පිම්මක් පැනීමේ හැකියාව ඇති බවයි.
Related