ඉෂාරා ගැන බොරු ඔත්තු දුන් පෙදරේරුවෙකු රිමාන්ඩ්
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ මහ මොලකාරි යැයි කියන ඉසාරා සෙව්වන්දී දික්වැල්ලේ නිවසක සැඟව සිටින බවට පොලිසියට අසත්‍ය තොරතුරු සැපයූ දික්වැල්ලේ...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ මහ මොලකාරි යැයි කියන ඉසාරා සෙව්වන්දී දික්වැල්ලේ නිවසක සැඟව සිටින බවට පොලිසියට අසත්‍ය තොරතුරු සැපයූ දික්වැල්ලේ පෙදරේරුවෙකු ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (10) නියෝග කළේය.
බරපතල අපරාධයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩාකප්පල් කර පොලිසිය නොමග යැවීම සඳහා කටයුතු කිරීමට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙසේ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මෙම පෙදරේරුවා විසින් පොලිසියට ලබාදුන් අසත්‍ය තොරතුරු හේතුවෙන් පොලිස් විමර්ශන කටයුතුවලට බාධා ඇතිවී ඇති බව පැවසේ. මෙම සිද්ධිය හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අඛණ්ඩතාවය පෙන්නුම් කරමින්, අධිකරණය විසින් සැකකරුවා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
Related