ත්‍රිරෝද රිය පෙරැළි අයෙක් මරුට
කුරුගංමෝදර බදුවත්ත මාර්ගයේ හතේ කනුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් එහි ගමන්ගත් පුද්ගලයෙකු ඊට යටවීමෙන් බරපතල තුවාල ලැබීම හේතුවෙන් මිය...

https://www.sathhanda.com/2025/03/blog-post_355.html
කුරුගංමෝදර බදුවත්ත මාර්ගයේ හතේ කනුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් එහි ගමන්ගත් පුද්ගලයෙකු ඊට යටවීමෙන් බරපතල තුවාල ලැබීම හේතුවෙන් මියගොස් ඇති බව කිරිඇල්ල පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ මියගිය තැනැත්තා සහ තවත් කාන්තාවක් ගමන් කර තිබූ බව පොලිසිය පැවසීය. රියදුරු බිමතින් සිටි බව පෙනෙන්නට තිබූ නිසා, එම කරුණ තහවුරු කර ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව ද පොලිසිය සඳහන් කළේය.
තුවාල ලැබූ පුද්ගලයා සහ මියගිය තැනැත්තාගේ මෘත ශරීරය රත්නපුර ශික්ෂණ මහ රෝහලට යවා ඇත. මියගිය පුද්ගලයා මාටුවාගලල හතේ කණුව ලිපිනයේ පදිංචි ආනන්ද වික්‍රම (59) නැමැත්තෙකි.
Related