කෝච්චි ’’සෙක්සි’’ වෙලා
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ, "අපේ දුම්රිය දැන් හරියට සෙක්සි වෙ...

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ, "අපේ දුම්රිය දැන් හරියට සෙක්සි වෙලා" යනුවෙනි. ඔහු අවධාරණය කළේ, "කවුරුත් ආසයි. දුම්රිය සෙක්සි වුණාට හෙල්දි නෑ. ප්‍රමාද වීම් තියනවා. දුම්රිය සේවය අප රටේ අභිමානයක්. එය පුළුවන් ඉක්මනින් හදන්න අප කටයුතු කරනවා" යනුවෙනි.
දුම්රිය සේවයේ යම් ප්‍රතිසංස්කරණ අරඹා තිබෙන බවත්, සියලු දුම්රිය ස්ථානවල කාන්තා විවේකාගාර ඉදිකරන්න අප කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම, අවිස්සාවේල්ලේ සිට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමට තීන්දු ගෙන ඇති බවත්, පාදුක්ක සිට අවිස්සාවේල දුම්රිය මාර්ගය වේගය වැඩි කර නවීකරණය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම, දුම්රිය ස්ථාන "බ්‍රෑන්ඩ්" කරන්න පෞද්ගලික අංශයට ආරාධනා කර ඇති අතර, නානුඔය සිට නුවරඑළියට සංචාරක දුම්රිය ඇරඹීමට හැකිදැයි සක්‍යතා අධ්‍යයනයක් ද සිදු කරන බව අමාත්‍යවරයා පැවසීය.
ලංගම සහ දුම්රිය සේවය සඳහා කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්ති තීන්දු ගෙන ඇති අතර, බස් රථයක රියදුරුවරියන් මෙන්ම දුම්රිය රියදුරුවරියන් ද තව වසරක් යන විට දැක ගන්න හැකිවනු ඇතැයි ඔහු අනාවැකි පළ කළේය.
Related