දේශබන්දු නාවොත් දේපොළ තහනම් කරනවා

පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ දේපොළ තහනම් කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසා...

දේශබන්දු නාවොත් දේපොළ තහනම් කරනවා

පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ දේපොළ තහනම් කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසා සිටියි. ඔහු මෙම අදහස් දැක්වූයේ මෝදර ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින්ය.

නියෝජ්‍ය අමාත්‍යවරයා අනුව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් අධිකරණ නියෝගය නොතකා අනිවාර්ය නිවාඩු යවා සිටී නම්, ඔහුගේ දේපොළ තහනම් කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම් යැයි පැවසීය.

එමෙන්ම, නීත්‍යානුකූලව වැටලීමක් සිදුකළහොත්, හිටපු පොලිස්පතිවරයාට සැඟවී සිටීමට හේතුවක් නොමැති බවත්, වත්මන් රජයට ඔහු ලොක්කකු නොවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

එසේම, හිටපු පොලිස්පතිවරයා සතුව විශාල දේපොළ ප්‍රමාණයක් ඇති බවත්, එම දේපොළ කෙසේ උපයා ගත්තේද යන්න ගැන තමා නොදන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6302446671796810602

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item