දෙමව්පියන්ගේ නොසැලකිල්ල සිඟිත්තාට දිවි අහිමි කරයි

ආරච්චිකට්ටුව, වෛරම්කට්ටුව ප්‍රදේශයේදී නිවස ආසන්නයේ කපා තිබූ ජලය පිරී තිබූ වලකට වැටී කුඩා දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (06) පස...

දෙමව්පියන්ගේ නොසැලකිල්ල සිඟිත්තාට දිවි අහිමි කරයි

ආරච්චිකට්ටුව, වෛරම්කට්ටුව ප්‍රදේශයේදී නිවස ආසන්නයේ කපා තිබූ ජලය පිරී තිබූ වලකට වැටී කුඩා දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (06) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

මියගිය දරුවා වයස අවුරුදු 01 ක් වූ වෛරම්කට්ටුව ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි. මෘත දේහය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ආරච්චිකට්ටුව පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.

මෙම අනතුර දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා සිදුවූ බව පොලීසිය පවසා ඇත. කුඩා දරුවන් අවධානම් සහිත පරිසරයන්හි නිදහසේ ගමන් කිරීමට ඉඩ දීමෙන් මෙවැනි දුක්ඛදායක සිදුවීම් වලකා ගත හැකි බව ඔවුන් අවධාරණය කරයි. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 338888559010365683

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item