කසිප්පු වෙනුවට ප්‍රමිතියෙන් යුත් මත්පැන් නිපදවීමට යයි
සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ, "නීති විරෝධී මත්පැන් භාවිතා කරන අය නීතිමය පැත්තට ගැනීමට...

සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ, "නීති විරෝධී මත්පැන් භාවිතා කරන අය නීතිමය පැත්තට ගැනීමට හැකිය. 40% - 45%කට වැඩි පිරිසක් නීති විරෝධී මත්පැන් පැත්තේ ඉන්නවා. ඒ අය නීතිමය පැත්තට ගැනීම අපගේ අරමුණයි. පාරිභෝගිකයාට ගැළපෙන මිලකට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමෙන් බිලියන 50ක් පමණ ආදායමක් වැඩි කරගත හැකිය" යනුවෙනි.
මෙම අදහස් ක්‍රියාත්මක කිරීමේදී, 85% සැර වෙනුවට කසිප්පුවල අහිතකර ද්‍රව්‍යවලට වඩා හොඳ ප්‍රමිතියකින් මත්පැන් නිෂ්පාදනය කිරීමට අදහස් කරන බව සුරාබදු ඉහළ නිලධාරීන් පෙන්වා දුන්හ. ආරම්භක පියවර ලෙස 25% සැර යටතේ මිලිලීටර් 180ක මත්පැන් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන අතර, මෙම නිෂ්පාදනයන් පරීක්ෂා කර නියමිත ප්‍රමිතියෙන් නිකුත් කරනු ඇති බව සඳහන් විය.
පැලවත්ත සහ සෙවනගල ස්කාගාර මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට හැකි බවත්, ප්‍රමිත මට්ටමකට මෙම ස්ප්‍රිට් නිෂ්පාදනය කළහොත් අවම වශයෙන් බිලියන 50 - 100 අතර බදු ආදායමක් ලබාගත හැකි බව සුරාබදු නිලධාරීන් වැඩිදුරටත් පැහැදිලි කළහ.
Related