ගම්පහ වෙඩිතැබීමේ අලුත්ම තත්ත්වය
මෙම වෙඩි ප්‍රහාරයට පෙර අවස්ථා කිහිපයකදී ද වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින්ට තර්ජන එල්ලවී ඇති බව සඳහන්ය. ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන තම්මිට ...

මෙම වෙඩි ප්‍රහාරයට පෙර අවස්ථා කිහිපයකදී ද වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින්ට තර්ජන එල්ලවී ඇති බව සඳහන්ය. ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන තම්මිට සමරේ නැමැත්තා විසින් මෙම වෙඩි ප්‍රහාරය මෙහෙයවා ඇතිබවට තොරතුරු ලැබී තිබෙන බව පොලීසිය පවසයි.
වෙඩි තැබීමෙන් අදාළ වෙළෙඳසැලේ හිමිකරු වන 34 හැවිරිදි චාමර සඳරුවන් සහ ඔහුගේ සහායකයා වන 30 හැවිරිදි අසිත දේවින්ද තුවාල ලැබූහ. තුවාලකරුවන් මේ වනවිට ගම්පහ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ චාමර සඳරුවන් නම් වෙළෙඳසැලේ හිමිකරු, කෙහෙල්බද්දර පද්මේ නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කළේය. පලාගිය වෙඩික්කරුවන් සොයා පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භකර තිබේ.
Related