ක්ලීන් ශ්‍රී ලංකා කාර්යසාධක බළකාය ජනපති හමුවෙයි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් මගින් සමාජය වඩාත් දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ...

ක්ලීන් ශ්‍රී ලංකා කාර්යසාධක බළකාය ජනපති හමුවෙයි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් මගින් සමාජය වඩාත් දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා සැලසුම් කර ඇත. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම සහ සැලසුම් කිරීමේ වගකීම ක්ලීන් ශ්‍රී ලංකා කාර්යසාධක බලකාය වෙත පවරා ඇත.

මෙම හමුවට ක්ලීන් ශ්‍රී ලංකා කාර්යසාධක බලකායේ සභාපති සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ලේකම් සහ කැඳවුම්කරු ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, නාවික හමුදාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු ඇතුළු කාර්යසාධක බලකායේ සාමාජිකයෝ සහභාගී විය.

එසේම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන කපිල ජනක බණ්ඩාර, රෝෂන් ගමගේ යන මහත්වරු සහ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3660946799713344072

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item