කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙක් අත්අඩංගුවට
යොහාන් කරන්දෙණිය, මඩකන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙකු වන අතර, ඔහු යුද හමුදා කමාන්ඩෝ බළකායෙන් පලාගිය පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන...

https://www.sathhanda.com/2025/03/blog-post_611.html
යොහාන් කරන්දෙණිය, මඩකන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙකු වන අතර, ඔහු යුද හමුදා කමාන්ඩෝ බළකායෙන් පලාගිය පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇත. බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 5වනදා කටුනායක ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
විමර්ශනයේදී, පන්නල ඇලබලඩගම ප්‍රදේශයේ බෝක්කුවක් යට සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිත්තෝලයක් සොයාගෙන ඇත. ඊට අමතරව, පතරොම් ගැබයක් සහ එහි ජීව උණ්ඩ 6ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.
මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕළුගල මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරේ.
Related