අනතුරු දෙකකින් හතරක් මරුට
පළමු අනතුරේදී, මෝටර් රථයක් යෝධ ඇළට පෙරළීමෙන් එහි රියදුරු සහ කාන්තාවක් මිය ගොස් ඇත. තවත් කාන්තාවක් තුවාල ලැබූ අතර, ඇය දඹුල්ල රෝහලට ඇතුළත් ක...

පළමු අනතුරේදී, මෝටර් රථයක් යෝධ ඇළට පෙරළීමෙන් එහි රියදුරු සහ කාන්තාවක් මිය ගොස් ඇත. තවත් කාන්තාවක් තුවාල ලැබූ අතර, ඇය දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.
දෙවන අනතුර නාවුල - බකමූණ මාර්ගයේ මොරගහකන්ද ප්‍රදේශයේදී සිදු විය. කුඩා ලොරි රථයක් තවත් ලොරි රථයක පිටුපස ගැටීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇත.
පොලිස් විමර්ශනයට අනුව, මිය ගිය අය හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් වන අතර, ඔවුන් කෝන්ගහවෙල ප්‍රදේශයේ පැවති අවමඟුලකට සහභාගී වී නැවත නිවස් බලා යමින් සිටියදී මෙම අනතුරට ලක් වූ බව අනාවරණය වී ඇත.
මෙම අනතුරු දෙකෙන් සමස්තයක් වශයෙන් පුද්ගලයන් හතර දෙනකුගේ ජීවිත අහිමි වී ඇති අතර, තවත් තුවාල ලැබූ අය රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
Related